කෝටි අටක කුෂ් තොගයක් සමඟ ගම්පහ අයකැමිවරයෙක් මාට්ටු

රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (26) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන මුදල් අයකැමිවරයෙක්.

ඔහු අද (26) දින උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , පැකැට් 19 ක් ලෙස අසුරා සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 ග්‍රෑම් 365 ක් සගවා ගෙන පැමිණ තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  1. නාමල් රාජපක්ෂට කුඩු ගේන්න කට්ටිය අඩුයි වගේ.මේ වගේ අලුත් ලමයින්ව ජාවාරම් වලට බදවගන්න තත්වේට බිස්නස් එක අවුල් වෙලා.