කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු ඊයේ (09) අත්අඩංගුවට ගැනුණා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඕමන්ත පොලිසිය විසින් සැකකරුව මන්නාරම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක්
මත කදිරවේල්පූවරසන්කුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු ව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1