කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට මාරුකර යවයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ එම බන්ධනාගාරයට රැගෙන ගිය බවයි.

රැදවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඉයුඑ (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ කෙහෙල්බද්දර පද්මේ ලබන සැප්තැම්බර් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනය තුළ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක මෙන්ම නිරූපිකාවන් සහ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුගේ ඡායාරූප තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) අධිකරණයට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32