සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ එම බන්ධනාගාරයට රැගෙන ගිය බවයි.
රැදවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඉයුඑ (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ කෙහෙල්බද්දර පද්මේ ලබන සැප්තැම්බර් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනය තුළ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක මෙන්ම නිරූපිකාවන් සහ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුගේ ඡායාරූප තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) අධිකරණයට දැනුම් දුන්නා.













