කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සුභසාධනය අභිප්‍රේරණය කරමින් ප්‍රසාද දීමනා ප්‍රධානය සහ කාර්යය සාධන ඇගයීමේ උත්සවය අද (04) බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
ඒ, කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව මෙහිදී දිවයින පුරා සේවයේ නියුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවයන්ට ප්‍රසාද දීමනා ප්‍රධානය කිරීම සිදු කෙරුණා.













