කුකුල්ලු පැටවූ ලොරියේ අලියෙක් ගැටිලා (වීඩියෝ)

දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදිඇල්ලරක්ෂිත ප්‍රදේශයේ දී කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (26) අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

ලොරි රථයේ අලියා ගැටීමෙන් පසු රථය පෙරළී ගොස් ප්‍රවාහනය කරමින් සිටි කුකුළන් විශාල සංඛ්‍යාවක් ද මියගොස් ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල සිට බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ එක්වරම මාර්ගය හරහා මාරුවීමට ගිය වන අලියෙක් මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වනජීවී නිලධාරීන් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සඳහන් කළේ, වන අලියෙක් ලොරි රථයේ ගැටීමක් සිදුවූයේ ද, වන අලියාට තුවාල සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් සලකුණක් නොමැති බවයි.

කෙසේ වෙතත් වන අලියාට බිය වී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව එය පෙරළී ගියේද, එසේත් නොමැති නම් වන අලියාගේ ගැටී මෙම අනතුර සිදුවූවා ද යන්න පිළිබඳව පරීක්ෂණය පවත්වන බව දඹුල්ල පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17