කැම්බල් පිටියේ ගුරු සමුළුවට අනුරගේ නඩය ටිකට් ගහලා සල්ලි එකතු කරලා – උතුරු මැද පළාතෙන් චෝදනා

ජාතික ජන බලවේගය පක්ෂය විසින් සිය මැතිවරණ සහ දේශපාලනමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගන්නා බවට උතුරු මැද පළාතේ ගුරුවරු පිරිසකගෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ගුරු සමුළුවක් ඉලක්ක කරගෙන ලංකා ගුරු සේවා සංගමය විසින් පාසල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත ටිකට්පතක් අලෙවි කර ඇති බවයි.

ඉකුත් දිනවල උතුරු මැද පළාතේ පාසල් වෙත ගොස් ඇති ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින් එම පාසල්වල විදුහල්පතිවරුන් හරහා මෙම සමුළුව සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද කොළඹ කැම්බල් පිටියේ දී මෙම ගුරු සමුළුව පැවැත්වෙන අතර ඊට ගුරුවරුන්ගේ පාලන කටයුතු වෙනුවෙන් බව පවසමින් විදුහල්පතිවරුන් මගින් ගුරුවරුන් වෙත රුපියල් 200ක ටිකට්පතක් අලෙවි කර තිබෙනවා.

මෙවැනි ක්‍රියා කිසිසේත්ම නුසුදුසු බවත් ඊට ගුරුවරුන් යොදා ගැනීම ගුරු සේවය දේශපාලනීකරණය වීමට වඩාත් නැඹුරුවක් වන බව ද ගුරු සංගමය චෝදනා කරනවා.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක උතුරු මැද පළාතේ විදුහල්පතිවරුන් හරහා රජයේ පාසල් තුළ ටිකට්පත් අලෙවි කරමින් වෘත්තීය සමිතියක් දේශපාලන කටයුත්තක් වෙනුවෙන් මුදල් රැස් කිරීම හා එමගින් ගුරුවරුන් පත් ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් මෙන් ම ඒ සම්බන්ධයෙන් පවතින නෛතිකභාවය සම්බන්ධයෙන් විමසීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ප්‍රාදේශීය වාර්තාකරු උත්සාහ කළ ද එම උත්සහාය ව්‍යාර්ථ වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
43
+1
1
+1
3
+1
1
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?