කැම්බල් පිටියේ ගුරු සමුළුවට අනුරගේ නඩය ටිකට් ගහලා සල්ලි එකතු කරලා – උතුරු මැද පළාතෙන් චෝදනා

ජාතික ජන බලවේගය පක්ෂය විසින් සිය මැතිවරණ සහ දේශපාලනමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගන්නා බවට උතුරු මැද පළාතේ ගුරුවරු පිරිසකගෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ගුරු සමුළුවක් ඉලක්ක කරගෙන ලංකා ගුරු සේවා සංගමය විසින් පාසල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත ටිකට්පතක් අලෙවි කර ඇති බවයි.

ඉකුත් දිනවල උතුරු මැද පළාතේ පාසල් වෙත ගොස් ඇති ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින් එම පාසල්වල විදුහල්පතිවරුන් හරහා මෙම සමුළුව සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද කොළඹ කැම්බල් පිටියේ දී මෙම ගුරු සමුළුව පැවැත්වෙන අතර ඊට ගුරුවරුන්ගේ පාලන කටයුතු වෙනුවෙන් බව පවසමින් විදුහල්පතිවරුන් මගින් ගුරුවරුන් වෙත රුපියල් 200ක ටිකට්පතක් අලෙවි කර තිබෙනවා.

මෙවැනි ක්‍රියා කිසිසේත්ම නුසුදුසු බවත් ඊට ගුරුවරුන් යොදා ගැනීම ගුරු සේවය දේශපාලනීකරණය වීමට වඩාත් නැඹුරුවක් වන බව ද ගුරු සංගමය චෝදනා කරනවා.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක උතුරු මැද පළාතේ විදුහල්පතිවරුන් හරහා රජයේ පාසල් තුළ ටිකට්පත් අලෙවි කරමින් වෘත්තීය සමිතියක් දේශපාලන කටයුත්තක් වෙනුවෙන් මුදල් රැස් කිරීම හා එමගින් ගුරුවරුන් පත් ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් මෙන් ම ඒ සම්බන්ධයෙන් පවතින නෛතිකභාවය සම්බන්ධයෙන් විමසීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ප්‍රාදේශීය වාර්තාකරු උත්සාහ කළ ද එම උත්සහාය ව්‍යාර්ථ වූ බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28