‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ගැන පාර්ලිමේන්තු විවාදයක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම විවාදය ජනවාරි 21 සහ 22 යන දිනයන්වල දී මෙම විවාදය පැවැත්වීමට නියමිතයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන්, ජනතාවට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම විවාදය පවත්වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ.