ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම ජර්සිය පැළඳීමට කොදෙව් තරු සූදානමින්

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම ජර්සිය පැළඳීමට බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් තරු සූදානමින් සිටිනවා.

2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් මෙම ජර්සිය පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් ශූරයන් සඳහාම නිර්මාණය කරන ලද මෙම ජර්සිය කැරට් 18 රන්වලින් සරසා තිබීම විශේෂත්යක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිශය සුඛෝපභෝගී සන්නාමයක් වන ‘ලොරෙන්ස්’ සමඟ හවුල්කාරිත්වයෙන් මෙම ජර්සිය නිර්මාණය කර ඇති බව සඳහන්.

දෙවරක් විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ කොදෙව් ශූරයන්ගේ උරුමය සහ පැවැත්මට ගෞරව කිරීම සඳහා කොදෙව් ක්‍රිකට් තරු තරඟාවලියේ දී මෙම විශේෂ රන් ආලේපිත ජර්සිය පළඳිනු ඇති.

මේ අතර 2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ආරම්භ වුණා.

එංගලන්තයේ බර්මින්හැම් හිදී ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු තරගය පැවැත් වුණේ පකිස්තාන් චැම්පියන්ස් සහ එංගලන්ත චැම්පියන්ස් කණ්ඩායම් අතරයි.

පාකිස්ථානය සහ එංගලන්තයට අමතරව බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලිය වෙනුවෙන් එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48