කළුතර දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කළුතර නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

ගොඩනැගිල්ලේ පාවහන් අලෙවි සැලක් පවත්වගෙන යන අතර එහි ගබඩාව පවත්වාගෙන යන ඉහළ මහලේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ඉහළ මහල මුළුමනින්ම විනාශවී ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා පාවහන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි සඳහන්.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්, පොලිසිය සහ ප්‍රදේශවාසින්ගේ ද සහය ඇතිව පැයක පමණ කාලයකදී ගින්න පාලනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර සිදුවූ දේපළ හානිය ද මෙතෙක් ගණන් බලා නොමැති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
4
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !