කල්පිටිය වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුව නැවත නිරුපද්‍රිතව මුදා හැර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ උදෑසන කල්පිටිය කුඩාව වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසුන් දාහතර දෙනෙකු පමණ රංචුවක් මෙලෙස මුදාහැරි බවයි.

නාවික හමුදාව වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව එම තල්මසුන් නැවතත් මුහුදට යොමුකිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙලෙස ගොඩ ගසන ලද තල්මසුන් අතරින් තුන් දෙනෙකු මියගොස් සිටි බවයි වනජීවී දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?