කපිලට ඇප තැබීමට ඉදිරිපත් වූ තැරව්කරුවෝ දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්

මේ වන විට මියගොස් සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් බව කියන පුද්ගලයා ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ එම ඇපකරුවන් හඳුන්වා දුන් බව කියන ආරිය තිස්ස ද සිල්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසිය සඳහන් කළේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබාදීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.

එම ප්‍රකාශය අනුව පළමු සැකකරු විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 07ක් ලබා ගෙන ඇතැයි සඳහන් කළ පොලීසිය සැකකරුවන් දෙදෙනා මෙම ග්‍රාමසේවා සහතික පත්‍ර ලබාගෙන තිබෙන්නේ පදිංචිය සහතික කර බවත් පැවසුවා.

ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මේ ආකාරයෙන් ඇප තැබීමේ කටයුතු සිදුකර ඇති අතර, මොවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසුවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඇප ලබාදීමට ඉදිරිපත් වූ කපිල චන්ද්‍රසේන නැමති සැකකරු මේ වනවට මියගොස් තිබෙන බවත්, එම මරණයට හේතු වූ කරුණු පිළිබඳව තවමත් තීන්දුවක් ලබාදී නොමැති බවත් සඳහන් කළ පොලීසිය මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන් ඇප ඉල්ලීම්වලට විරුද්ධ වන බවත් සඳහන් කළා.

එම අවස්ථාවේ දී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සිදුකළ වරද සම්බන්ධයෙන් නිශ්චිත වගන්තියක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති නිසා ඇප පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට හැකියාවක් නොමැති බව පැවසුවා.

එමෙන්ම එක් එක් සැකකරුට තිබෙන සාක්ෂි මොනවාදැයි දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06