කටුනායක – කොළඹ අධිවේගයේ තවමත් සිදුවන කේබල් සොරකම – රියදුරන්ගේ ජීවිතත් අවදානමේ

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කපා සොරකම් කිරීම තවමත් සිදුවන බවට දසත නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඇතුළු ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මෙම මහා විනාශය හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ඒ, රාත්‍රී කාලයට එම මාර්ගය දැඩි අඳුරේ පැවතීම හේතුවෙන්.

මීට පෙර අවස්ථා කිහිපයක දී එලෙස කපාගෙන ගොස් තිබූ භූගත විදුලි රැහැන් පද්ධතියේ කොටස් යළි අලුත්වැඩියා කළ ද, එලෙස අලුත්වැඩියා කළ කොටස් ද සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

නොනවත්වා සිදුකරන මෙම විදුලි රැහැන් සොරකම නතර කිරීමේ අරමුණින් අධිවේගී මාර්ග භාරව රාජකාරී කටයුතු කරන නිලධාරීන් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයන් ද අරඹා තිබෙනවා.

සෑම දිනකම රාත්‍රී 8.00 සිට පසුදින උදෑසන දක්වා මෙම මුර සංචාර ක්‍රියාත්මක කරන අතර, එම සංචාරයන්වල දී අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් පද්ධතියට හානි සිදුකරන පුද්ගලයින් සහ හානි සිදුකිරීම් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විදුලි රැහැන් සොරකමේ පැමිණෙන සොරුන් මුර සංචාරක රථ පිළිබඳව දැඩි නිරීක්ෂණයකින් පසුව එය පැමිණෙන අවස්ථාවල දී පලා යන බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර සොරුන් විසින් මේ වනවිට රාත්‍රී කාලයට අමතරව දහවල් කාලයේදී ද මෙම සොරකමේ නිරතවීමට හුරුවී ඇති බවයි දැනගන්න ලැබුණේ.

අවස්ථා කිහිපයක දී එම නිලධාරීන් විසින් එලෙස විදුලි රැහැන් කැපීමේ නිරතව සිටි පුද්ගලයින් අල්ලා පොලිසිය වෙත භාරදීමට කටයුතු කළත් තවමත් එම සොරකම්වල අඩුවක් දක්නට නොලැබෙන බවයි පැවසුවේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඇතුළු ඇතැම් පිරිස් සිදුකරන මෙම මහජන දේපළ හානිය පිළිබඳව අවස්ථා කිහිපයක දී අදාළ වගකිවයුතු අංශ දැනුම්වත් කළ තිබුණත් තවමත් ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කර නැහැ.

ඒ, හේතුවෙන් දිනෙන් දින හානියට පත්වන කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ; රාත්‍රී කාලයේ ගමන් ගන්නා රියදුරන් සහ පුද්ගලයින්ගේ ජීවිතවලට එල්ල වී ඇත්තේ දැඩි අවදානමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39