කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කපා සොරකම් කිරීම තවමත් සිදුවන බවට දසත නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඇතුළු ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මෙම මහා විනාශය හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
ඒ, රාත්‍රී කාලයට එම මාර්ගය දැඩි අඳුරේ පැවතීම හේතුවෙන්.
මීට පෙර අවස්ථා කිහිපයක දී එලෙස කපාගෙන ගොස් තිබූ භූගත විදුලි රැහැන් පද්ධතියේ කොටස් යළි අලුත්වැඩියා කළ ද, එලෙස අලුත්වැඩියා කළ කොටස් ද සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
නොනවත්වා සිදුකරන මෙම විදුලි රැහැන් සොරකම නතර කිරීමේ අරමුණින් අධිවේගී මාර්ග භාරව රාජකාරී කටයුතු කරන නිලධාරීන් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයන් ද අරඹා තිබෙනවා.
සෑම දිනකම රාත්‍රී 8.00 සිට පසුදින උදෑසන දක්වා මෙම මුර සංචාර ක්‍රියාත්මක කරන අතර, එම සංචාරයන්වල දී අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් පද්ධතියට හානි සිදුකරන පුද්ගලයින් සහ හානි සිදුකිරීම් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් විදුලි රැහැන් සොරකමේ පැමිණෙන සොරුන් මුර සංචාරක රථ පිළිබඳව දැඩි නිරීක්ෂණයකින් පසුව එය පැමිණෙන අවස්ථාවල දී පලා යන බවට ද තොරතුරු වාර්තා වනවා.
මේ අතර සොරුන් විසින් මේ වනවිට රාත්‍රී කාලයට අමතරව දහවල් කාලයේදී ද මෙම සොරකමේ නිරතවීමට හුරුවී ඇති බවයි දැනගන්න ලැබුණේ.
අවස්ථා කිහිපයක දී එම නිලධාරීන් විසින් එලෙස විදුලි රැහැන් කැපීමේ නිරතව සිටි පුද්ගලයින් අල්ලා පොලිසිය වෙත භාරදීමට කටයුතු කළත් තවමත් එම සොරකම්වල අඩුවක් දක්නට නොලැබෙන බවයි පැවසුවේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඇතුළු ඇතැම් පිරිස් සිදුකරන මෙම මහජන දේපළ හානිය පිළිබඳව අවස්ථා කිහිපයක දී අදාළ වගකිවයුතු අංශ දැනුම්වත් කළ තිබුණත් තවමත් ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කර නැහැ.
ඒ, හේතුවෙන් දිනෙන් දින හානියට පත්වන කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ; රාත්‍රී කාලයේ ගමන් ගන්නා රියදුරන් සහ පුද්ගලයින්ගේ ජීවිතවලට එල්ල වී ඇත්තේ දැඩි අවදානමක්.














CCTV yodanna puluvan thamnba venuvata alu cable yodannath puluvan ehemath bari nam oka vasa dama niladarin venath vadakata yediya hakiya ema ayath ovata havul athi