ඊයේ (12) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවීමක් සිදුවිය.
මෙම සාකච්ඡාව සඳහා ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ධූරයෙන් නික්ම යන රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්, එම තනතුරට අලුතින් පත් වූ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ එක් විය.
සිය කාර්යාලයට පැමිණි ඔස්ට්‍රේලියානු තානාපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ජෙනරල් ගුණරත්න, නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අර්බුදය අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගයට මෙන්ම විවිධ ක්ෂේත්‍ර සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් සහාය පිළිබඳව සිය අවංක කෘතඥතාව සහ ස්තූතිය පුද කළා.