ඔමික්‍රෝන් රට තුල පැතිරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවල වරදින්

රට තුලට ඇතුළුවන ගුවන් මගීන් PCR පරීක්ෂාවකින් තොරව රටට ඇතුළු කිරීම, ඔමික්‍රෝන් රැල්ලක් රටේ ඇතිවීමට හේතුවී ඇති බව දැනට සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාධිතයින්ගේ දත්ත මගින් ඉතා පැහැදිළිව තහවුරු වී ඇත.

ඒ අනූව මේ වන විටත් ඔමික්‍රෝන් ප්‍රභේදයට නිරාවරණය වී ඇති අතර, ඉදිරියේදී රට ඔමික්‍රෝන් ප්‍රභේදයේ තර්ජනයකට ලක් වීමට බොහෝ ඉඩකඩක් පවතීන බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කර සිටියේ.

රටට ඇතුළුවන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කලේ නම් මෙම තත්වය වලක්වා ගැනීමේ හැකියාවක් තිබුණු අතර, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා කටයුත නොකරමින්, මහ ජනතාව අනවශ්‍ය අවධානමක හෙලමින් සිටින්නේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිළි නොමැති නමුත්, ඉදිරියේදී ඇතිවන ඔමික්‍රෝන් තර්ජනයේ වගකීම අදාල මාර්ගෝපදේශ හදන කණ්ඩායම බාර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ගුවන්ගතවීමට දින කිහිපයකට කලින් සිදු කල PCR පරීක්ෂාවක් මගින් ආසාධිත තත්වය තහවුරු කල නොහැකි බවත්, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පමණින්, පරීක්ෂාවට ලක් නොකිරීම නිවැරදි නිර්ණායකයක් නොවන බවත්, හදුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ තොරතුරු මගින් තහවුරු වී ඇති අතර, අදාලා ආසාධිතයින් බහුතර ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හා දින ගුවන්ගත වීමට පෙර ලබා ගත් PCR පරීක්ෂාවක් මගින් ආසාධනයක් නොමැති බව තහවුරු කරගත් අය වීම මගින් ඔන් ඇරයිවල් PCR නොකිරීමේ ප්‍රතිපත්තිය බරපතල වැරදි තීරණයක් බව තහවුරු කර ඇත.

දෙසැම්බර් මාසයේ ආගමනිකයන් හා විගමනිකයන් අතුරෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාධිතයන් ප්‍රමාණය.

📌️පලමු සතිය
ආගමනිකයන් – 1
විගමනිකයන් – 0

📌️දෙවන සතිය
ආගමනිකයන් – 0
විගමනිකයන් – 1

📌️තෙවන සතිය
ආගමනිකයන් – 3
විගමනිකයන් – 6

මෙම විගමනිකයන් සියල්ල ඊශ්‍රායල්, ඉතාලි, කැනඩාව, අයර්ලන්තය සහ ඩුබායි යන රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන නමුත් එන්නත්කරණය සම්පූර්ණ කිරීම නිසා On Arrival PCR පරීක්ෂණ සිදු කිරීමේ නොහැකියාව මත පැමිණීමේදී පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.

📌️සිව්වන සතිය
ආගමනිකයන් – 1
විගමනිකයන් – 22

මෙම විගමනිකයන් සියල්ල පෙර පරිදිම විවිධ රට වලින් මෙරටට පැමිණි අයවලුන් අතර ඔවුනට අමතර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පහකින් වාර්තා වී ඇත. එම ප්‍රදේශ විශ්ලේෂණය කිරීමේදී මේ වන විටත් ඔමික්‍රෝන් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති බවට සැක පහල වේ.

එලෙස ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ වන්නේ බණ්ඩාරගම, කොළඹ, ඇඹිලිපිටිය, අලුත්ගම, රාගම බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48