ඔන් මැක්ස් සමාගමේ ලොක්කො 05 දෙනා සිපිරිගෙට

නීතිවිරෝධී පිරමීඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු පස්දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවහොත්; යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට අන්‍යාකාරයෙන් බලපෑමක් සිදුවිය හැකි බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කළා.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව‍යි මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ.

එමෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් පස්දෙනා ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු හා කොටස්කරුවන් වශයෙන් කටයුතු කරන බව සඳහන් කළා.

මහජනතාවගෙන් ආයෝජන භාරගෙන මාස 15 ක කාලයකින් පසුව තුන් ගුණයක මුදලක් ගෙවන බව පවසා අදාළ සමාගම විසින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් එය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ බැංකු පනත යටතේ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වාදුන්නා.

මෙයාකාරයෙන් රුපියල් මිලියන 429කට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු වශයෙන් ලබළ්ගන තිබෙන බවත් අදාළ සමාගම සතු රුපියල් මිලියන 558ක මුදල් මේ වන විට තහනමට ගෙන තිබෙන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

මෙම ආයෝජන ජාලය තුළ මේ වනවිට තැන්පත්කරුවන් 2 19,000කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර; මෙම ආයෝජනවල මුදල් යෙදවූ වලස්මුල්ල, වීරකැටිය සහ දෙහිවල ප්‍රදේශවල පුද්ගලයින් තුන්දෙනෙකු මේ වන විටත් සියදිවි නසාගෙන තිබෙන බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවා.

මෙලෙස මහජනතාවගෙන් ලබාගන්නා තැන්පතු මුදල් මෙම සැකකරුවන් විසින් තම පුද්ගලික ව්‍යාපාරික කටයුතුවල ආයෝජනය කර තිබෙන බව ද විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී ඇතැයි ද රජයේ නීතිඥවරයා සඳහන් කළා.

මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් රජයෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ව්‍යාපාරයක් බව සඳහන් කළා.

අධිකරණය විසින් මෙම ආයෝජනය ක්‍රමය තහනම් කරන තුරු මෙම ක්‍රමය තුළ කිසිදු ගැටළුවක් පැන නොනැගුණු බව සඳහන් කර සිටියා.

ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයින් නීතිවිරෝධී ක්‍රියාවක නිරත වී නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41