රට පුරා ඩෙංගු රෝගීන් 50,459ක් – මරණ ගණනත් 30ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් 50,459ක් සහ මරණ 30ක් වාර්තා වී ඇති ඇති බවයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම දත්ත තවදුරටත් වැඩි විය හැකි බවයි ඇය පැවසුවේ.

මේ අතර දීර්ඝ සති අන්තයක් එළැඹීම තුළ මහජනතාවගේ ක්‍රියාකාලපයන් හේතු‍වෙන් ඩෙංගු රෝගය තවදුරටත් වර්ධනයවීමක් සිදුවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම දීර්ඝ සති අන්තය තුළ දී නිවාස සහ අවට පරිශ්‍ර පිරිසිදුකර ගැනීමට කටයුතු කරන ලෙසයි ඇය මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර තමන් ජීවත්වන ග්‍රාම නිලධාරී කොට්ඨාසය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු අවදානම් තත්ත්වයක් පවතිනවා නම් ශ්‍රමදාන කටයුතු අඛණ්ඩව සිදුකර එම අවදානම අඩුකර ගැනීමට කටයුතු කරන ලෙසත් ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46