අයර්ලන්තය හමුවේ ලද ඓතිහාසික පරාජය විශිෂ්ඨ ආරම්භයක් බව ඉන්දීය නායකයා කියයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 34ක පරාජයක් ලබන්නට විස්සයි විස්ස පිටියේ වත්මන් ලෝක ශුරයින් වන ඉන්දීය කණ්ඩායමට සිදුවුණා.

මෙලෙස ඉන්දීය කණ්ඩායමක් අයර්ලන්තය හමුවේ ඕනෑම ආකෘතියක් යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක ලද ප්‍රථම පරාජය වනුයේ ද මෙයයි.

තරගාවලියේ පළමු තරගය ඊයේ (26) ආරම්භ වුණේ බෙල්ෆාස්ට්හි ස්ටෝමොන්ට් ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 182ක් රැස්කර ගනු ලැබුවා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පංදුවෑඅ 18යි පන්දු 05කට පමණක් මුහුණදෙමින් සියලු දෙනා දැවී ගොස් රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 148ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 34ක පරාජයක් ලැබුවා.

ශ්‍රෙයාස් අයියර් විසින් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ලැබූ අතර, ඔහු කණ්ඩායමේ නායකත්වය හිමිවීමෙන් පසු සහභාගී වූ පළමු තරගය ද මෙයයි.

කෙසේ වෙතත් තරගයෙන් පසුව අදහස් දක්වමින් ශ්‍රෙයාස් අයියර් කියා සිටියේ, මෙය විශිෂ්ට අත්දැකීමක් බවත් නායකයෙකු ලෙස විශිෂ්ට ආරම්භයක් ද බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි - බස් එක ඇතුළෙත් දර්ශන මෙන්න
03:08
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට අනතුරු අඟවයි
20:04
Video thumbnail
නීතිඥ සංගමයේ රැස්වීමට නීතිඥවරු 3000ක් ආවේ නෑ
11:33
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවි හමුව
01:46
Video thumbnail
සාක්කු පුරවගෙන පිටරට ගොවියා ශක්තිමත් කරන්න එපා - ගොවියන්ට දෙවියන්ගෙම පිහිටයි
02:54
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවියෝ - "ඇමතිලා බබාලා නෙවෙයිනේ..140ක මිලක් ඕනි "
04:32
Video thumbnail
කෙඳිරි ගාන්න එපා දැන් - හොඳටම බයවෙලා ඉන්නේ
10:06
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42