කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරන “අස්වැන්නට අරුණැල්ලක්”ජාතික වැඩසටහන යටතේ පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් 60ක් සඳහා පසු අස්වනු තාක්ෂණය පිළිබඳ එක් දින පුහුණු වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණා.
හමුදා රාජකාරියෙන් විශ්‍රාම ගිය පසු සක්‍රීයව කෘෂි ආශ්‍රිත කර්මාන්ත සඳහා යොමු කිරීම හරහා දැනට පවතින පසු අස්වනු හානිය අවම කිරීම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම හා ඒ ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහිකිරීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණු වනවා .













