ඔන්ලයින් හරහා දුම්රිය ආසන වෙන් කිරීමේදී ගැටළු රාශියක්

දුම්රිය බලපත්‍ර අන්තර්ජාල ඔස්සේ වෙන් කිරීමේ පහසුකම හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කටයුතු කළා.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින නීතී රාමුවට අදාලව එම නව ක්‍රමවේදය සකස් කිරිමට අදාළ ආයතනය සමත්ව නොමැති බවටයි දුම්රිය සේවකයන්ගෙන් චෝදනා මතුව ඇත්තේ.

එසේම නව ක්‍රමවේදය ඔස්සේ බලපත්‍ර හරහා ආසන වෙන් කර ගත් මගීන් දුම්රිය ස්ථානය වෙත අදාල ආසන තහවුරු කිරීමට යෑමේදී විශාල වශයෙන් පොලීම් වල රැදීසිටීමට වූ අවස්ථා ද එමෙන්ම නව ක්‍රමවේදයේ පවතින ගැටළුකාරී තත්ත්වය මත අන්තර්ජාලය ඔස්සේ වෙන් කල ආසනය වලට අදාල විද්‍යුත් ලේඛන තමන් සතුව පැවතිය ද ඔවුනට ආසන නොලැබීම සම්බන්ධයෙන් ද මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතිනවා.

තව ද ප්‍රවාහන අමාත්‍යතුමාගේ සංකල්පයක් මත මුදල් පමණක් ගෙවා ගමන් කිරීමට තිබූ ඇල්ල ඕඩීසී දුම්රියේ ද මෙම ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන් කර ගැනීම් කිරීමට සිදුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගන්නා පියවරක් පිලිබඳව තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණයකර නොමැති බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) විසින් අදාළ ගැටලු විසඳන ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ගැටළුව පිලිබදව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

WhatsApp Image 2024 03 21 at 12.04.56 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30