එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට (වීඩියෝ)

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එම විශේෂ දුම්රිය හෙට (10) දිනයේ සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම විශේෂ දුම්රියන් ධාවනය වෙන වේලාවන් පහතින්.

අප්‍රේල් 10, 11,12, 14 සහ 15 දිනවල රාත්‍රී 7.30 කොළඹ කොටුව සිට බදුල්ල දක්වා.
අප්‍රේල් 10, 11,12, 14 සහ 15 දිනවල පස්වරු 5.20 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 11 වන දින උදෑසන 7.30 කොළඹ කොටුව සිට බදුල්ල දක්වා.
අප්‍රේල් 15 වන දින උදෑසන 7.45 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 10 රාත්‍රී 7.25 කොළඹ කොටුව ගාල්ල දක්වා.
අප්‍රේල් 11 වන දින දහවල් 1.20 මරදාන සිට ගාල්ල දක්වා.
අප්‍රේල් 11 වන දින උදෑසන 6.25 ගාල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 11,12,13 දිනවල උදෑසන 8.10 බෙලිඅත්ත සිට මරදාන දක්වා.
අප්‍රේල් 11,12,14 දිනවල සවස 4.40 මරදාන සිට බෙලිඅත්ත දක්වා.
අප්‍රේල් 11,12,13 දිනවල උදෑසන 8.55 ගාල්ල සිට මරදාන දක්වා.
අප්‍රේල් 14 දින උදෑසන 6.45 ගාල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 14 දින දහවල් 1.50 ගාල්ල සිට මරදාන දක්වා.
සතියේ දිනවල සවස 3.40ට මාතර දක්වා ධාවනය වන රුහුණු කුමාරි දුම්රිය අප්‍රේල් 11,12,13,14 දිනවල බෙලිඅත්ත දක්වා දීර්ඝ කෙරේ

මේ අතර දුම්රිය මගීන්ට කල්වේලා ඇතිව අදාළ දුම්රිය ස්ථාන වෙත පැමිණ එම ගමන් පහසුව සලසා ගන්නා ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12