spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එම විශේෂ දුම්රිය හෙට (10) දිනයේ සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම විශේෂ දුම්රියන් ධාවනය වෙන වේලාවන් පහතින්.

අප්‍රේල් 10, 11,12, 14 සහ 15 දිනවල රාත්‍රී 7.30 කොළඹ කොටුව සිට බදුල්ල දක්වා.
අප්‍රේල් 10, 11,12, 14 සහ 15 දිනවල පස්වරු 5.20 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 11 වන දින උදෑසන 7.30 කොළඹ කොටුව සිට බදුල්ල දක්වා.
අප්‍රේල් 15 වන දින උදෑසන 7.45 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 10 රාත්‍රී 7.25 කොළඹ කොටුව ගාල්ල දක්වා.
අප්‍රේල් 11 වන දින දහවල් 1.20 මරදාන සිට ගාල්ල දක්වා.
අප්‍රේල් 11 වන දින උදෑසන 6.25 ගාල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 11,12,13 දිනවල උදෑසන 8.10 බෙලිඅත්ත සිට මරදාන දක්වා.
අප්‍රේල් 11,12,14 දිනවල සවස 4.40 මරදාන සිට බෙලිඅත්ත දක්වා.
අප්‍රේල් 11,12,13 දිනවල උදෑසන 8.55 ගාල්ල සිට මරදාන දක්වා.
අප්‍රේල් 14 දින උදෑසන 6.45 ගාල්ල සිට කොළඹ කොටුව දක්වා.
අප්‍රේල් 14 දින දහවල් 1.50 ගාල්ල සිට මරදාන දක්වා.
සතියේ දිනවල සවස 3.40ට මාතර දක්වා ධාවනය වන රුහුණු කුමාරි දුම්රිය අප්‍රේල් 11,12,13,14 දිනවල බෙලිඅත්ත දක්වා දීර්ඝ කෙරේ

මේ අතර දුම්රිය මගීන්ට කල්වේලා ඇතිව අදාළ දුම්රිය ස්ථාන වෙත පැමිණ එම ගමන් පහසුව සලසා ගන්නා ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?