එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මිනිසා රෝහලේ සිට හෙළිකළ කතාව

පුද්ගලයින් සිය ගණනකට ජීවිත අහිමිකරමින් ඊයේ (12) සිදු වූ අහමදාබාද්හි එයාර් ඉන්දියා ගුවන් අනතුර සැලකෙන්නේ මෙම දශකයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුර ලෙසයි.

විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මෙම මාරාන්තික ගුවන් අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත්ව ඇත්තේ යානයේ සිටි ගුවන් මගීන් 241 දෙනාගෙන් එක් ගුවන් මගියෙකුට පමණයි.

මෙලස දිවි ගලවාගෙන ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ් කුමාර් රමේෂ් නැමැති 40 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මේ වනවිට රෝහල් ගතව සිටින විශ්වාෂ් කුමාර් එම භයානක අත්දැකීම අද මාධ්‍ය සමඟ බෙදාගෙන තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙම දරුණු අනතුරින් තමන් දිවි ගලවා ගත්තේ කෙසේදැයි තමන් ද නොදන්නා බවයි.

එමෙන්ම “සියල්ල තත්පර කිහිපයකින් සිදුවුණා.අපි පහළට යන බව මට වැටහුණා.” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

“මුලදී, මම මිය ගොස් ඇති බව මම සිතුවා. පසුව මම තවමත් ජීවතුන් අතර සිටින බව මට වැටහුණා, මගේ ආසනය අසල බඳ කොටසේ සිදුරක් දැක්කා මම. මම මගේ කකුලෙන් තල්ලු කරමින් එම විවරය හරහා බඩගාගෙන ගියා.මගේ වටා සිටින සියලුදෙනා මිය ගොස් හෝ මිය යමින් සිටියා. මම තවමත් බේරුණේ කෙසේදැයි මට තේරෙන්නේ නෑ”

මේ අතර ඔහුගේ සුවදුක් විමසීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විශ්වාෂ් කුමාර් ප්‍රතිකාර ලබන රෝහල වෙත ගොස් ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54