එක්සත් අරාබි එමීර් ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඇරයුමක්

ඩුබායි හි Expo City හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (COP28) පාර්ශවයන්ගේ සමුළුවට සහභාගී වන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජනාධිපති Mohamed bin Zayed Al Nahyan මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද ආරාධනා පත්‍රය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති Khaled Nasser Al Ameri විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන් බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

මෙම වසර ආරම්භයේදී ද ජනාධිපති Mohamed bin Zayed Al Nahyan විසින් එමිරේට්ස් දේශගුණික සමුළුව ආරම්භ කරන ප්‍රධාන උත්සවයක් වන ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති වික්‍රමසිංහ වෙත ආරාධනාවක් ද සිදු කරනු ලැබුවා.

ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවය දෙසැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීවයි සිදු වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රධානත්වයෙන් නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා එක්ස්පෝ සිටි ඩුබායි හි දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (UNFCCC) පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 28 වැනි සැසිවාරය ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?