එක්සත් අරාබි එමීර් ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඇරයුමක්

ඩුබායි හි Expo City හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (COP28) පාර්ශවයන්ගේ සමුළුවට සහභාගී වන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජනාධිපති Mohamed bin Zayed Al Nahyan මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද ආරාධනා පත්‍රය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති Khaled Nasser Al Ameri විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන් බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

මෙම වසර ආරම්භයේදී ද ජනාධිපති Mohamed bin Zayed Al Nahyan විසින් එමිරේට්ස් දේශගුණික සමුළුව ආරම්භ කරන ප්‍රධාන උත්සවයක් වන ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති වික්‍රමසිංහ වෙත ආරාධනාවක් ද සිදු කරනු ලැබුවා.

ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවය දෙසැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීවයි සිදු වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රධානත්වයෙන් නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා එක්ස්පෝ සිටි ඩුබායි හි දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (UNFCCC) පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 28 වැනි සැසිවාරය ක්‍රියාත්මක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48