සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත නායකයා සමත් වුණා.
ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට දීමට ඔහු තීරණය කළා.
අද තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, නුවන් තුෂාර කණ්ඩායමට එක්ව සිටිනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලු දෙන දැවී කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලක්කය ලකුණු 125ක්.













