උ.පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් 2022-11-30 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ, අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000/ක් නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතු වනවා.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද සාමාන්‍යපෙළ විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී උසස්පෙළ හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුයි.

මෙම වැඩසටහන යටතේ එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක්.

එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට උසස්පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලබනවා.

මීට අදාළ අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මඟින් ලබාගෙන ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරීගේ අදාළ නිර්දේශය සහිතව මේ මස 23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා.

එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළයුතු අතර, කලාප අධ්‍යාපන කාර්යාල වෙත විදුහල්පතිවරුන් විසින් ලබා දෙන අයදුම්පත්‍ර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් තෝරාගත යුතුයි.

ඉහළම සුදුසුකම්ලාභීන් 30 දෙනා තෝරාගෙන අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ බැංකු ගිණුමේ පිටපතක් හා ඊට අදාළ අනෙකුත් විස්තර සම්පූර්ණ කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එළඹෙන පෙබරවාරි මස 03 වන දිනට පෙර ලබාදීමට කටයුතු කළ යුතු බව සඳහන්.

ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලබන බවද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48