උතුරු කොරියාව සිය පළමු උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරිනය මුර සංචාරක බල ඇණියට පවරා දී තිබෙනවා.
කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර මුහුදු තීරයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සබ්මැරිනය යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
“හීරෝ කිම් කුන් ඕක් 841” ලෙස නම් කර ඇති මෙම සබ්මැරිනය දියත් කිරීමේ උත්සවය වෙනුවෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උතුරු කොරියාව වසර ගණනාවක සිට මෙම සබ්මැරීනය සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටි අතර, එය එරට න්‍යෂ්ටික අවි වැඩසටහනේ තීරණාත්මක කොටසක් ලෙස සැලකෙනවා.
මෙම අවස්ථාවට එක් වූ උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ නාවික හමුදාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ කිරීම හදිසි කාර්යයක් ලෙස සලකන බවයි.














VISION EKAK THIYENA EKA MONA HETHUWAK NISA HO BALAPEMAK NISA WENAS NOKARA TARGET EKATAMA YANA/GIYA NIYAKA NAYAKAYEK.