බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සැකසීමට අවධානය

බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඒ එම කාරක සභාව, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

මෙරට බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරිම, බන්ධනාගාර ආශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරිම, නව නීතිමය සංශෝධන හඳුන්වා දීම, යටිතල පහසුකම් පුළුල් කිරීම, නඩු කටයුතු කඩිනම් කිරීම සහ ප්‍රජා විශෝධනය ප්‍රවර්ධනය කිරීම වැනි රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රධාන පියවරයන් පිළිබඳ කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

එහිදී විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත (Poisons, Opium and Dangerous Drugs Ordinance, – No. 17 of 1929) සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය කාරක සභාවේදී මතුවුණා.

මත්ද්‍රව්‍ය වෙළෙන්ඳන් සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවන්නන් අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීම පිළිබඳව ද අදහස් පළ කෙරුණා.

එමෙන්ම චෝදනාවලට ලක් වන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියක තැබීම සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නා.

ඇප ලබාදීමේ ක්‍රමවේද කාර්යක්ෂම කිරීම, නඩු විභාග ප්‍රමාදයන් අවම කිරීම, සුළු වැරදි සඳහා බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම භාවිතය දිරිමත් කිරීම, බන්ධනාගාර කළමනාකරණය නවීකරණය කිරීම, නිලධාරීන් බඳවා ගැනීම සහ මානව සම්පත් හිඟය පියවීම, ආරක්ෂක සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සහ අනෙකුත් සුළු අපරාධ සඳහා සිරදඬුවම් වෙනුවට ප්‍රජා සේවය, වැනි විකල්ප ක්‍රම සලකා බැලීම ආදී කරුණු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

මෙරට බන්ධාගාරගතව සිටින කාන්තා රැඳවියන් සහ ඔවුන් සමඟ සිටින වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳව ද මෙහිදී කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, උක්ත දරුවන් වසර 05න් පසු පරිවාස ගත කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

එයට අමතරව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනයට සහ ප්‍රජා විශෝධනයට යොමු කිරීම මෙන්ම ඇප ගෙවා ගත නොහැකිව බන්ධාගාර ගතව සිටින පුද්ගලයන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු වුණා.

උක්ත කරුණ සම්බන්ධයෙන් කාරක සභාවේ අවසන් වාර්තාව සැකසීමට පෙර බන්ධනාගාර නිලධාරින් හමුවී අදහස් ලබා ගැනීමටත්, බන්ධනාගාර කිහිපයකට ගොස් නිරීක්ෂණ සිදු කිරීමටත් කාරක සභාව එකඟතාව පළව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29