දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ යන ප්‍රදේශ සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශය සඳහා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ සඳහා ද මෙලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මහනුවර දිස්ත්‍රික්කය – දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ පූර්ව අනතුරු ඇඟවීම්

කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ දෙහිඕවිට යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන සහ කෑගල්ල ප්‍රදේශය සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන

නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර හඟුරන්කෙත ප්‍රදේශය සඳහා අදියර 1 යටතේ නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන

මෙම නිවේදන අද (03) මධ්‍යහ්න 12:00 සිට හෙට (04) මධ්‍යහ්න 12:00 දක්වා වලංගුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56