උතුරු කොරියාවේ පළමු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරිනය වැඩ අරඹයි

උතුරු කොරියාව සිය පළමු උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරිනය මුර සංචාරක බල ඇණියට පවරා දී තිබෙනවා.

කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර මුහුදු තීරයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සබ්මැරිනය යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

“හීරෝ කිම් කුන් ඕක් 841” ලෙස නම් කර ඇති මෙම සබ්මැරිනය දියත් කිරීමේ උත්සවය වෙනුවෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු කොරියාව වසර ගණනාවක සිට මෙම සබ්මැරීනය සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටි අතර, එය එරට න්‍යෂ්ටික අවි වැඩසටහනේ තීරණාත්මක කොටසක් ලෙස සැලකෙනවා.

මෙම අවස්ථාවට එක් වූ උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ නාවික හමුදාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ කිරීම හදිසි කාර්යයක් ලෙස සලකන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14