උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගෙන් සැර ප්‍රකාශයක්

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (04) දින ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු කොරියාව පසුගියදා හමුදා පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී භූගත කඳවුරු විනාශ කර දැමිය හැකි “මාන්ස්ටර්” මිසයිලය කොරියානු හමුදාව ලොවට ප්‍රදර්ශනය කර තිබුණා.

හමුදා පෙළපාලිය අතරතුරදී දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල් උතුරු කොරියානු නායකයාට අනතුරු ඇඟවීමක්ද කර ඇති බවයි සී එන් එන් පුවත් සේවය වර්තා කරන්නේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එය කිම් ජොන් උන් පාලනයේ අවසානය වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?