උඩරට රේල්ලුවට ගස් කඩා වැටෙයි – උඩරට මැණිකෙත් මග නවතියි

උඩරට දුම්රිය මාර්ගයට ගස් සමූහයක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම සිදු ව ඇත්තේ; පටිට්පොළ සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර බවයි.

අද (19) උදෑසන මෙම ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමග ගස් කිහිපයක් ම දුම්රිය මාර්ගය මතට ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් නානු ඔය දුම්රිය මාර්ගය ද අවහිර වී ඇති බවයි එහි ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ගස් කඩා වැටි ඇති ස්ථානයේ නතර කර ඇති බවත්, එම දුම්රියේ ගමන් ගත් මගීන් සහ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් එක් ව කඩා වැටුණු ගස් කිහිපයක් ඉවත් කරමින් සිටින බවත්, වාර්තාකරු පවසනවා.

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එම ස්ථානයට ළඟා වෙමින් සිටින බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17