ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායල් ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා.

කලාපය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ ජූනි 12 වනදායින් පසු අවසන් වන සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සැප්තැම්බර් මස 30 වනදා දක්වා මෙලෙස දීර්ඝ කර තිබෙනවා.

20,000ක පමණ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායලයේ මේ වනවිට සේවය කරමින් සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවදානයෙන් සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ද රජය සූදානමින් සිටින බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පවතින තත්ත්වය සමනය වන තෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඊශ්‍රායලය වෙත යැවීම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41