“Voice to Policy” සංවාදයට තරුණ තරුණියන් රැසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් එක්වෙයි

අධ්‍යාපනය, රැකියා, පාලනය, ව්‍යවසායකත්වය, තාක්ෂණය සහ දේශපාලන සහභාගීත්වය ඇතුළු තරුණ පරපුරට සෘජුව බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා ප්‍රතිපත්ති යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙමින් “Voice to Policy Dialogue” වැඩසටහන මීගමුවේ දී අද (16) පැවැත් වුණා.

ගම්පහ දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් 65කට අධික පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු සමඟ සෘජු ප්‍රතිපත්ති සංවාදයක නිරත වීමට ඔවුන්ට අවස්ථාව හිමිවුණා.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ තරුණයන්ගේ ජීවිතවලට බලපාන ප්‍රධාන ගැටලු ඔවුන් විසින්ම හඳුනාගෙන, ඒවාට අදාළ විසඳුම් සහ ප්‍රතිපත්ති යෝජනා සකස් කර ඒවා සෘජුවම පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමයි.

වැඩසටහනේ පළමු අදියරේ දී තරුණයන්ට තමන් මුහුණදෙන ගැටලු ස්වාධීනව හඳුනාගැනීමටත්, ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමටත්, පොදු ගැටලු කාණ්ඩගත කිරීමටත් සහ ප්‍රතිපත්තිමය අවධානය යොමුකළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍ර හඳුනාගැනීමටත් අවස්ථාව ලබාදී තිබුණා.

දෙවන අදියරේ දී තරුණ නියෝජිතයන් විසින් තම ප්‍රමුඛ යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර සෘජු සංවාදයක් සහ විවෘත ප්‍රශ්න හා යෝජනා සැසියක්ද පැවැත් වුණා.

මෙම සංවාදයට පාර්ලිමේන්තු කණ්ඩායමේ සම සභාපතිවරුන් වන මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ශානක්‍යන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ චමින්ද්‍රානි කිරිඇල්ල, එස්. එම්. මරික්කාර්, ප්‍රගීත් මධුරංග, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර සහ චම්පික හෙට්ටිආරච්චි යන අය සහභාගීව සිටියා.

තරුණයන් අතර පැවැති සාකච්ඡාවල දී, අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය, දේශපාලන සහභාගීත්වය සහ තරුණයන්ට අවස්ථා හා තොරතුරු ලබාගැනීමේ හැකියාව, ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමු වුණා.

විශේෂයෙන් උසස් අධ්‍යාපනය අවසන් කර උපාධිය ලබාගැනීමට ගතවන කාලය අඩු කිරීමේ හැකියාව සොයා බැලීම, දේශපාලනයට පිවිසීමට කැමති තරුණයන් සඳහා වඩා හොඳ මාර්ග නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා හා ඒ පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කෙරුණා.

වැඩසටහනේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස, තරුණයන් විසින් ඉදිරිපත් කළ යෝජනා පාර්ලිමේන්තුව තුළ වැඩිදුර සලකා බැලීම සඳහා ඉදිරියට ගෙන යාමට එකඟතාව පළවී තිබෙනවා.

එමෙන්ම අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උනන්දුවක් සහ දායකත්වයක් ඇති තරුණ තරුණියන් පාර්ලිමේන්තු කමිටු සමඟ සම්බන්ධ කරගැනීමේ හැකියාවද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව තරුණයන්ගේ අදහස් එක්දින සාකච්ඡාවකට පමණක් සීමා නොවී, පාර්ලිමේන්තු ක්‍රියාවලිය දක්වා ගෙන යාමේ අවස්ථාවක් නිර්මාණය විය හැකියි.

වැඩසටහනෙන් ඉදිරිපත් වූ යෝජනා සහ ඉදිරි කටයුතු ලේඛනගත කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා තරුණ වාර්තාකරුවෙකු ද පත් කෙරුණා.

මෙම වැඩසටහන හරහා තරුණයන්ගේ අදහස් ලබාගැනීම පමණක් නොව, ඔවුන් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් සක්‍රීයව සම්බන්ධ කරගැනීම, පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සෘජුව අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලබාදීම සහ ජනතාව හා පාර්ලිමේන්තුව අතර පවතින දුර අඩු කිරීම අරමුණු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44