නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති බව කියන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසනවා.
ඒ අනුව 2023 වසරේ සිට 2026 වසර දක්වා කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම
විගණනය සිදුකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති බව කියන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාවත් සමඟ, දිට්වා අපදාවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබාදීම, කොරෝනා ව්‍යසනය සමයේ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය හරහා ලබාදුන් රුපියල් 5000ක දීමනාව සහ සමෘද්ධි ලාභීන්ට රජය මගින් ලබාදෙන සහනාධාර සහ වැඩිහිටි දීමනා නිසිලෙස ප්‍රතිලාභීන්ට ගෙවා ඇත්ද යන්න පිළිබඳව මෙහිදී විගණනය කිරීමට නියමත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඒ, අනුව විගණනය ආරම්භ කිරිමට පෙර මේ පිළිබවද තොරතුරු වෙතොත් එම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ද ප්‍රතිලාභීන්ගෙන් මන්ත්‍රිවරයා ඉල්ලා සිටිනවා.
.













