අස්වැසුමෙන් කෝටි ගණනක් වංචා කළ සැකකාරියන් දෙදෙනා යළි රිමාන්ඩ්

නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර මුදල් වංචාවක් සිදු කළ එම කාර්යාලයේ අංශභාර නිළධාරින් දෙදෙනා යළිත් මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් අද (11) නියෝග කළා.

මෙලෙස යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති ලලිතා නැමති 31 හැවිරිදි සහ හැටන් දික්ඔය කාපෙක්ස් ජනපදයේ පදිංචි විෂ්වනාදන් තුෂාදරණි නැමති 32 හැවිරිදි යන අයයි.

මෙම සැකකාරිනියන් දෙදෙනා සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් විසින් හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකාරිනියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගෙන එම සැකකාරිනියන් දෙදෙනා පසුගිය 01 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබුණා.