දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙට (17) දිනයේ දී වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවයි දැනුම්දෙන්නේ .
මේ හේතුවෙන්, එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, ජලය පානය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් මහජනතාව දැනුම් දෙනවා.













