නුවරඑළියේ යතුරුපැදි තරගයක දී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක්ට බරපතළයි

නුවරඑළිය, බ්ලැක්ෆූල් සහ මාගස්තොට අතර අද (16) පැවති යතුරුපැදි ධාවන තරගයක දී තරගකරුවන් දෙදෙනෙක් අනතුරට පත්ව බරපතළ තුවාල ලබා තිබෙනවා.

නුවරඑළිය මහ නගර සභාව කොළඹ පෞද්ගලික සංගමයක් සමඟ එක්ව මෙම යතුරුපැදි තරගාවලිය සංවිධානය කර තිබුණා.

අද (16) සහ හෙට (17) දෙදින තුළ මෙම තරගාවලිය පැවැත්වෙන අතර, පැවති අයහපත් කාලගුණයත් සමඟ යතුරුපැදි දෙකක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ තරගකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.