ඊශ්‍රායලයේ දී මිය ගිය ශ්‍රී ලාංකිකයාට වන්දි දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්

ඊශ්‍රායලයේ දී මියගිය බවට තහවුරු වූ යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එමෙන්ම ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි සුජිත් බණ්ඩාර යටවර අතුරුදන් වූ බව වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි. ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දී තිබුණා.

නමුත්, සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු කළා. ඒ ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුවයි.

වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යටවර මහතා, මිය යන විට 48 වැනි වියෙහි පසු වුණා.

2018 වසරේ දී සාත්තු සේවකයෙකු ලෙස ඊශ්‍රායලයේ සේවයට ගොස් තිබූ ඔහු වයස අවුරුදු 8ක පුතෙකුගේ සහ වයස අවුරුදු 13ක දියණියකගේ පියෙක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03