දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
එමෙන්ම මෙම මෙහෙයුම් මඟින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සහ පුද්ගලයන් පරික්ෂාවට ලක් කෙරෙන අතර ඒ අනුව ඊයේ (09) දිනයේ දී පමණක් පුද්ගලයින් 29,243 දෙනෙක් පරික්ෂාවට ලක් වී තිබෙනවා.
ඒ අතරින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 26ක් වන අතර සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 769ක් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම රථ වාහන වැරදි සමබන්ධයෙන් බීමත් රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 28 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසා සිටියේ.






