ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.70%කින් ඉහළ ගොස් මේ වන විට ඇමරිකානු ඩොලර් 93.47ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ වාර්තාවල දැක්වෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් වී ඇත්තේ, 2.23%කින් ඉහළ යමින්.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිලේ පහළ යාමක් පෙන්නුම් කරනවා.
ඒ, අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.81%කින් පහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩොලර් 113.1ක් ලෙස එහි මිල දැක්වෙනවා.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එක්සත් ජනපදයට ලබා දුන් සාම ගිවිසුම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇති වූ තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.













