ඉන්ධන මිල අඩුවීමේ සහනය ලබාදෙන්න වෙන්නේ මෙහෙමයි

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඉදිරියේ දී මහජනතාව වෙනුවෙන් ලබාදීමට සූදානම් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති ප්‍රවෘත්ති සකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මේ වන විට රජය ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් ලබා දී ඇති බවත් එම සහනාධාරය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව නැවත වරක් එම සහනාධාරය ලබාදිය හැකිද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන දැනුම්දීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කර සිටියා.

මේ වන විට රට තුළ පවතින සහ ඉදිරි මාස දෙක තුළ ලැබීමට නියමිත ඉන්ධන පසුගිය මාසයේ දී ඇනවුම් කළ ඉන්ධන බැවින් ඉදිරියේ දී ඇනවුම් කරන ඉන්ධන මිල සඳහා එම පිරිවැය ආවරණය කරමින් එහි වාසිය ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

“යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. එය 125ක් දක්වා වගේ ඉහළ ගියා. අපි ඒ මොහොතෙත් ඒක දෙගුණයක් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩිකරලා එහෙම ලාභ ගන්න තැනකට ගියේ නෑ. ඒක නිසා අපි එවලෙත් උත්සාහ කළේ පැවතිච්චම මිල ගණන්වලට තෙල් ලබාදීමට. මිල වැඩි කිරීම උනත් අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තියෙනවා. එකේ එහි වාසිය අපිට ලබාදෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
31
+1
3
+1
1
+1
3
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59