ඉන්ධන පිරවුම්හල් සේවකයා තෙල් සල්ලිත් අරන් බූරුවා ගහන්න ගිහින්

පූගොඩ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවෙකු පිරවුම්හලේ රුපියල් 270,000ක මුදලක් රැගෙන සුදූ කෙළීමට ගොස් ඇති පවතක් වාර්තා වනවා.

අදාළ පොම්පකරු විසින් ඉන්ධන අලෙවිය මඟින් උපයාගන්නා බව කියන මුදල එහි කළමණාකාරීත්වයට භාරනොදී මෙලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 02 වනදා රාත්‍රී සේවා මුරයේ කටයුතු කර ඇති මෙම පුද්ගලයා පසුදින (03) උදෑසන මුදල් ලබානොදී මෙලෙස පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් පිරවුම්හලේ කළමණාකාරීත්වය විසින් පෙරේදා (03) පූගොඩ පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

අදාළ පොම්පකරු පූගොඩ ප්‍රදේශයේම පදිංචි විවාහකයෙක් වන අතර, ඔහු මේ වනවිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පොම්පකරු තදින්ම සූදු ක්‍රීඩාවට (බූරුවා ගැසීමට) ඇබ්බැහි වී සිටින අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පූගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51