spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුම්හල් සේවකයා තෙල් සල්ලිත් අරන් බූරුවා ගහන්න ගිහින්

පූගොඩ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවෙකු පිරවුම්හලේ රුපියල් 270,000ක මුදලක් රැගෙන සුදූ කෙළීමට ගොස් ඇති පවතක් වාර්තා වනවා.

අදාළ පොම්පකරු විසින් ඉන්ධන අලෙවිය මඟින් උපයාගන්නා බව කියන මුදල එහි කළමණාකාරීත්වයට භාරනොදී මෙලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 02 වනදා රාත්‍රී සේවා මුරයේ කටයුතු කර ඇති මෙම පුද්ගලයා පසුදින (03) උදෑසන මුදල් ලබානොදී මෙලෙස පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් පිරවුම්හලේ කළමණාකාරීත්වය විසින් පෙරේදා (03) පූගොඩ පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

අදාළ පොම්පකරු පූගොඩ ප්‍රදේශයේම පදිංචි විවාහකයෙක් වන අතර, ඔහු මේ වනවිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පොම්පකරු තදින්ම සූදු ක්‍රීඩාවට (බූරුවා ගැසීමට) ඇබ්බැහි වී සිටින අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පූගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?