පුෂ්පා 02 ප්‍රධාන නළුවා අල්ලු අර්ජුන් අත්අඩංගුවට

තෙළිඟු නළු අල්ලු අර්ජුන් ඉන්දීය පොලිසිය විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සතියේ හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවක පිටත සිදුවූ තෙරපීමක දී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අල්ලු අර්ජුන් රංගනයේ යෙදෙන පුෂ්පා 02 චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ පසුගිය 04 වනදා හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවක පිටත සිදුවූ තෙරපීමක දී අදාළ කාන්තාව මියගොස් තිබුණා.

ජුබිලි හිල්ස් නිවසේ සිටිය දී හයිද්‍රාබාද් හි චිකාඩ්පල්ලි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ.

කාන්තාවගේ මිය යාම සම්බන්ධයෙන් තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ ඔහුගේ ආරක්ෂකයින්ට මෙන්ම චිත්‍රපට ශාලාවේ කළමණාකාරීත්වයට එරෙහිව හයිද්‍රාබාද් පොලිසිය නඩු පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53