spot_imgspot_img
spot_img

ඉන්දීය ධීවරයන් 22ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග ඉන්දීය ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව අද දින 18) උදෑසන පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟිනුයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අද උදෑසන කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර තිබෙනවා. එහිදී, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමඟ ඉන්දීය ධීවරයින් 22ක් මෙලෙස තම භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

මෙම මෙහෙයුමත් සමඟින් නාවික හමුදාව විසින් 2023 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 29ක්‍ සහ ඉන්දීය ධීවරයින් 196ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?