ඉන්දියාවට ශූරයින්ගේ කුසලානය ජය ගැනීමට ලකුණු 252ක ඉලක්කයක්

ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණයට ඉන්දීය කණ්ඩායමට ලකුණු 252ක ඉලක්කයක් හිමිවුණා.

ඩුබායි හි දී ප්‍රතිවාදී නවසීලන්තයට එරෙහිව ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ කිවි නායක මිචෙල් සැන්ට්නර් යි.

ඒ අනුව කිවියන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කිවියන් බලාපොරොත්තු වූ අයුරින් ලකුණු පුවරුව වර්ධනය කරගැනීමට නොහැකි වූයේ ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ පීඩනකාරී පන්දු යැවීමට හසුවීම හේතුවෙන්.

කිවි පළමු පෙළ පිතිකරුවන් අඩු ලකුණුවලට දැවී යද්දී ඩැරිල් මිචෙල්ගේ ලකුණු 63 නවසීලන්තයේ ලකුණු පුවරුව ශක්තිමත් කරන්නට දායක වුණා.

ඉන් අනතුරුව මිචෙල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමත් ග්ලේන් පිලිප්ස් ලකුණු 34ක් ලබා ගැනීමත් කිවි ඉනිම ශක්තිමත් කිරීමට ඉවහල් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී වරුන් චක්‍රවර්තී සහ කුල්දීප් යාදව් කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් මොහොමඩ් ශාමි හා රවීන්ද්‍ර ජඩේජා විසින් බිඳ හෙලනු ලැබුවා.

ඒ අනුව අද අවසන් මහා තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයෙන් ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක් හිමිවූයේ ඔවුන්ගේ ඉනිමෙන් කඩුලු 07ක් බිඳ වැටීමෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24